Posts

Showing posts from January, 2013

ඔබ සමග-රැඟූයෙමි.....

Image
දිගු දෑස- නිල් දෑස අහිංසක- ලොකු දෑස ගයන විට- රඟන විට කඳුළු  බිඳු- මවන විට ගැයූයෙමි-වැයූයෙමි ඔබ සමග-හැඬූයෙමි ඔබ සමග-රැඟූයෙමි බිය රැඳෙන- අඳුර දෙන සිත බිඳී- ඇවිද යන මාවතේ- ජීවිතේ යථාවේ- බීමතේ හස පාන-හඳ පාන නැත ළඟක- නුඹ පේන බිඳෙයි- ලස්සන හීන රිදී තිර- පුංචි තිර දහසයේ- පැතලි තිර පමණි ඔබ -මට ගේන මැවෙයි ලස්සන හීන....