ජොකා සහ ජාතිවාදය...

සමා අවසර, හිතවත!
දන්නව නම් ගන්නෙ නෑ
නෝලිමිට් එකෙන්, 
මගෙ ජොකා NLM.
තරහ අවසර! ඇන්.ඇල්.ඇම්...
තුන් හිතක වත් නෑ අදහසක්,
ජාතියට වින කටින්ට.
හිටියනන් දැනගෙන
නිකන් යනව අම්මප!
බෑනෙ රට රැක ගන්ට,
ලැජ්ජ බය තියා ගෙන...

හොඳ නෑ යන්ට දෙන්න-
දන්න එකෙකුට පළාතේ.
වෙලාවක් තිබ්බ නම්,
එන්ට තිබුණා මටත්.
කුණු බිත්තරයක් ගහන්ට-
මෙත් සිතුම් පුරා ගෙන.
මෝහ අන්ධකාරෙ යන උන්ගෙ.
බිත්තර සාරු වලම දිය වෙන්ට...

අර තලා දාල තිබ්බෙ
පැපිළියාන පැත්තෙ
මල් කැකුළක් නෙවෙද?
පැටවු දහය දොළහ වදල
රට හදන්ට හිටපු...
කුඩු කරල මදි නෙවෙද
නොසන්ඩාලයො කරපුවට?
එන්ට තිබ්බා මටත්-
වෙලා තිබ්බ නම්.
ගහන්නට එක ගලක්,
රට, ජාතිය රැක ගන්ට,
ණය නැති වෙන්ට මවු බිමට...

Comments

  1. hariyatama kiyanna hadana de therune nah...

    ReplyDelete
    Replies
    1. පිළිතුර පහු උනාට සමා වෙන්න ඕනි. ඒ උනාට මම හිතන්නේ මම හිතන දේ කියන එක හොඳ නෑ කියලා. කවියේ තමන්ගේ කියවීම තමා තියෙන්න ඕනි. මගේ කියවීම තමා මම දැන් යන කඩ කුඩු කිරීමේ දේශප්‍රේමීත්වයට විරුද්ධ බව. :)

      Delete
    2. anna dan hari karanawa...
      pama unaata kamak naha ..

      Delete
  2. අපූරුයි... කැමතිනම් මේකත් බලන්නකෝ...:)
    http://kalusudu-nimthera.blogspot.com/2013/06/blog-post.html#comment-form

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....