Posts

Showing posts from November, 2012

කඩවල් ඉදිරිපිට රෑවන විට තෝසේ-නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ...

Image
ඇමරිකාව චීනය හා රුසියාව ගුවන දිනා ලෝකෙට කට මැත කීව තබමින් ලෝක සිතියමෙ සිරි ලංකාව අඹරේ දිලෙයි  සුප්‍රිම්  සැට් යානාව එකල රජුන් කල පරසිදු ලෙස ගජබා ඇවිද ගියේ රජු මහ මග නොම පසුබා පාරේ යනු බයය අද වුව වීර අභා යුගයෙන් පසුව බිය රජ වූ අඳුරු  ප්‍රභා එහෙයින් රැඳී ගුවනේ ලක පිං සාර සුප්‍රිම්  සැට් යොමයි නෙත අඟලක් නෑර දිවි මග සැබෑ තතු හෙළි කර ලෙස සූර කැඩු ලෙස එවයි වක්කඩ අද පින්තූර අනතුරු වැඩිය මහ මග දැන් දැන් බෝසේ කෙල්ලන් යන්නෙ ලයිසන් ගත් මෙනි ආසේ කඩවල් ඉදිරිපිට රෑවන විට   තෝසේ නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ දෙදහස් පන්සියය ඇත පවුලක් කන්න තහවුරු කරයි ලද සේයා රූ ඔන්න මහපොළ ලබන සරසවි සිසුවකු මෙන්න සහ සිය පවුල දරුවන් දෙදෙනෙකු ඉන්න සියයට හයක්    අධ්‍යාපනයට දුන්න එබැවින් නොමැත අමතර වියදම් යන්න සිනහව පිරී ඇත ගේ පැල උතුරන්න පණහක් ඉතිරි වේ ලැම්බෝගිනි ගන්න පැල ඉණි වැටෙන් ඇති ගේ ඉදිරියෙ පැන්න විට හමුවේවි ඔබ හට මහ ගේ ඔන්න දෙද

රට පෙරට ගෙනියන්ට මට වෙන්නෙ පා දෙකෙන්...

Image
හිඳ ගතිමි අත දරා නිල් පෑන ඉකි ගසන රැක ගන්න ඉතිරි වූ තින්ත බිඳ අන්තිමට, අඳින්නට හිතාගෙන සිත නැගී එන සිතුම් නිරුවතින් විරිත්තන, සුදු පාට කොළ පතේ හතර කොන් නැවී ගිය, සීතලෙන් පෙඟී ගිය . ගසා හිස මේසෙ මත යත් දැරිමි සිප ගන්ට නිසල බව දෙන සිසිල, පහන් දල්වා පැතුම් " මකමි අද නම් ඉතින් විරිත්තන සිනා කට වතක් නැති කොළ පතේ "... නොදැනීම මා සිතට මම ලියමි අද මෙසේ " ඇත කාර් බස් ලොරිද යන සියක් මහ මගේ ගන්ට සිතුනා මටත් කාරයක් ඇබිත්තං යන්ට සිතුවේම නැහැ දෙයියම්ප බෙන්සෙකක ඔනෑ නැහැ කිසිවිටක මොන්ටෙරෝ ජිප් එකක් දැක ඇතිමි ඇති තරම් ෆෙරාරිද , බුගාටිද ඇති පදම් පර්ජෝද, ගෙදර කම්පීතරෙන් මස්ටෑංග් ඇමරිකන්, ඇස්ටන්ද මාටින්ද, ජගුවර්ද ඉන්දියන්… සිත ගියත් " මිනි " යකට නොපැතුවෙමි කිසිදිනෙක, වෙහෙසුණා පමණමයි කාර් ගැන සිත සිතා. හැකිද මට මිලට ගෙන මල කන්ට හරින්නට? තෙල් ගසන්නට ඉතින් අතේ නැත පිච්චියක් . මරුටියක් වත් ගන්ට