Posts

Showing posts from October, 2011

සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා….

Image
පැයකට දෙකට ගණ දෙවි නැණ ලද  හන්දා සරසවි ආමි දහසක් පැතුමන්   රන්දා සීතාවක සොයා ඈ අතැඟිලි   බන්දා ගෙනයමි දිනෙක සිරිකත භවනට   කැන්දා නොවිඳි දුකක් විඳ සීතාවක   හන්දා වසරක් දෙකක් මා දුර සිට පෙම්   බැන්දා රාමා අවුත් වානර සෙනඟද  කැන්දා ගෙනගියෙ සදා පාලම කාගෙද මන්දා      දෙසුම් හලේ නැළවිලි සවනත   රන්දා සිහින ලොවක මා පාවී ගිය හන්දා අතරින් පතර හිස් පිටු මත ඇස  රන්දා අසරණ කුමරි සරසවි නිති ඉකි බින්දා අත්ලට සිඟා ඉඳුලක් නොබුදින හන්දා වල්කොළ බිම අතුට බිම නොනිදන  හන්දා කල්ගිය රෙදි වැරළි නොම හඳිනා  හන්දා සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා

පියඹන්න හැර පියා ජීවිතයෙ කහල ගොඩ…

Image
කිම කියනු එක තැනම ජීවිතයෙ කහල ගොඩ ගොඩ ගැසී පල් වේයි ? නොදුටුවෙද මැසි මදුරු , අමා සුව ලද අයුරු , තුටින් රඟ දෙන මියුරු ? නොදැනේද මේ දුගඳ උන් වසා නැගි අයුරු ? නැත උන්ට කිසි වගක්! කහල ඇති නම් තුටින් , කිම සොයනු වෙන මගක් , රඟ දෙවනු යළි ඉතින්… නිසල නිල් අහස් ගැබ කිමද උන් අඳුරු කර ? විලස සුදු සිල් රෙද්ද දැලි වැකී ඇති සෙයක්. නැද්ද උන් සිත් දෙන්නෙ කහල ගොඩ හැර යන්න ? මල් කැකුළු පූදන්න හිරුට ඉඩ කඩ දෙන්න , මහ පොළොව සිප ගන්න හිරුට ඉඩ සලසන්න ? දොළ පහර හැපි හැපී , මවන මුදු සංගීතෙ , මිහිර විඳ සැනසෙන්න , ලොවට ඉඩ කඩ දෙන්න . එපා පියපත් සලා , ඒ සුවය කෙලෙසන්න ! ආස ඇයි මිය යන්න ශාපලත් උන් ලෙසින් අත්ල අතරක තැලී ? කහල ගොඩ පොහොර වී , මල් කැකුළු පිපෙන දින , යළි එන්න නිවස වෙත සමනළුන් මෙන් තුටින් . ජීවිතයෙ රොන් බිංදු උරා රස විඳින කල , මැසි මදුරු දත්තාවෙ , අම බොජුන කසල නොව , රතු රුධිර බිඳද නොව , මල් රොනම පමණ බව… ඒ දිනය ලැබ ගන්න , මැසි මදුරු තොපි සැවොම නොපමාව ඉගිලෙන්න ! කහල ගොඩ හැරපියා , හිරුට ඉඩ සලසමින් මහපොළොව සිප ගන්න , කහල ගොඩ මල් පිපී සුවඳ දැනෙනා කලට , යළි එන්න නිවස වෙත සමනළුන් මෙන් තුටින , මල් සුවඳ තවර

මන්ද තව නුඹ නාව....

Image
මහ පොළොව ගිම් ලෑව වැලි දූලි දඟ පෑව සුළඟ සුසුමන් ලෑව මන්ද තව නුඹ නාව සමනළුන් නෑ තාම මල් සුවඳ දෙනු කෝම                           අතු ඉපල් වී මේම පමා වැඩි නුඹ බෝම දා කඳුළු පිසලන්න තුරු වදුලු සරසන්න මල් සුවඳ පතුරන්න නොපමාව නුඹ එන්න...