Posts

Showing posts from September, 2011

බසයේ යන්න පා පුවරුව තමයි තැන

Image
කවියක් තිබුනි පුවරුවෙ යන්නන්ට බැන යන අය එහි වවුලන් මෙනි හීන නැණ කවියා වරක් වත් බසයක නොගිය මෙන බසයේ යන්න පා පුවරුව තමයි තැන තුරුණු කතුන් පය හිල් කර ගෙන බසිති තවත් අයෙක් කලිසම ගලවා දුවති පා පුවරුවේ නම් මේ කිසි දුකක් නැති පා පුවරුවේ යන්නේ අය පෙර පිනැති ටාටා මුදලාලි ටාටා බස් හැදුවා අලි ගෙන යන්නටත් එහි ඉඩ කඩ ඇතුවා ගෙදර ගොසින් මම මගෙ උස මැන බැලුවා වැදුනා උළුවස්සෙ හිස ඉදිමී ඇතුවා බෆල් දෙකක් මී රස නව ගී බෙදුවා වැදි සංගීතෙ යළි යළි රී මික්ස් කෙරුවා රියපළු තෙමේ විට විට එනවුන්ස් කෙරුවා ඇසුනු විටදි හිත ගත දෙක ගියෙ බමවා සුසුමින් කිළිටි නොවු මද පවනක් දැවටේ බසයේ නදට පෙම් ගීයක් යැයි රැවටේ යනවිට බසය සුළඟක් මෙන් හැටට හැටේ වලකට වැටුනු විට මට වන්නමක් නැටේ එල්ලී නොමැති මා දෑතට විඩා නැත පෑගී නොමැති මා දෙපයේ තැලුම් නැත ගලවන් නොගිය කලිසම තිබු ලෙසම ඇත පා පුවරුවෙම යළි පලයන් කියයි සිත...