Posts

Showing posts from January, 2011

මගේ ගෑනි ලෙඩ වාට්ටුවකි

Image
මා අද කියන්නට යන්නේ අමුතුම කතාවකි. ඒ මාගේ අඹුවගේ සෞඛ්‍ය තත්වය ගැනයි. මුලින්ම මා කිව යුතු දෙය වන්නේ මා අඹුව ගෙදරට කැන්දාගෙන ආවේ මීට වසර දෙකකට පමණ පෙර බවයි.ඈ බම්බලපිටිය ප්‍රදේශයේ උපන්නියකි. ඇත්තටම කිවහොත් ඈ උපන්නේ කොහේදැයි කීමට තරම් මට දැනුමක් නැත. මන්ද යත් අපි කවුරු කවුරුත් එන්නේ කොහි සිටද යන්නේ කොහාටදැයි කීමට තරම් දැනුමක් අපි කාටවත් නැති නිසාය.එම නිසා මම දන්නේ මා ගෙදරට කැන්දාගෙන එනවිට ඈ බම්බලපිටියේ වාසය කළ බව පමණි. වෙනත් වචන වලින් කිවහොත් මගේ මාමණ්ඩිය හා නැන්දනිය වසන්නේ බම්බලපිටියේය.             රූපයට රැවටෙන්නට එපා යැයි මට මගේ අම්මා පවසා තිබූ නිසාත් ජීවිතයටම වරක් පමණක් ලැබෙන චාන්ස් එකක් නිසාත් මම මට තේරෙන තරමට හොඳ යහපත් අඹුවක් ගෙදරට කැන්දාගෙන ආවෙමි.එක මොළයේ පළු දෙකක් ඇති ගෑනියකට වඩා හොඳින් වැඩ පළ කරන බැවින් මම එක වර මොළ දෙකකින්ම වැඩ කරනා අඹුවක් ගෙදරට ගෙන ආමි.( මගේ අඹුවට මොළ දෙකක් ඇත්තේ කොහොමදැයි මගෙන් අසා පලක් නැත. එය තනිකරම පරීක්ෂණාත්මකව නිගමනය කර ගත් දෙයකි. සමහර විට මගේ ආදර නැන්දනිය නම් එය දන්නවා ඇත.)             අපරාදේ කියන්නට නම් බැරිය. මෙතුවක් කලක් ඈ හොඳහැටි ගෙදර දොර වැඩපළ කර ගෙන