Posts

Showing posts from June, 2010

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

Image
 මෙය පළ කරන්නේ මා බ්ලොග් කීපයක දුටු ලිපි වලට පිළිතුරක් ලෙස වුවද පිළිතුරක්ම නොවන ලෙසය.එනම් මෙමගින් එම ලිපි වල කරුණු එලෙසම නොකියවෙන අතර සෘජු පිළිතුරු දීමක්ද  නොකෙරෙයි.තවද මා මෙහිදී කතාකරන්නේ ඒ ලිපි වල අන්තර්ගතය ලෙස මට හැඟුණු දේ මිස එම ලිපියේ ඇතැයි කියන වූ අන්තර්ගතයක් ගැන නොවෙයි. (මගේ ලෝකය මටය;ඔබේ ලෝකය ඔබටය.)ඉතින් මෙයට පූර්විකාව සපයන,   පිටස්තර අය්යා  ත්, ජනිත් අයියා  ත්, යසේල අයියා  ත් මෙහිදී ස්තූතිපූර්වකව මතක් කළයුතුය.එමෙන්ම ලිපියේ මාතෘකාව ලිපියේ අන්තර්ගතය කියැවෙන්නක් මිස ඔබලාගේ තියුණු නුවණට ඇන්න පොඩි ටොක්කක් නොවන බව කරුණාවෙන් වටහා ගන්නා ලෙස කරුණාවෙන් යළි යළිත් ඉල්ලමි.                                     හොඳයි දැන් මාතෘකාවට.ලංකාවේ දරුණු සිවිල් යුධ තත්ත්වය අවසන් වූ පසු නිරතුරු ඇසෙන වචන දෙකකි සාමය හා සහජීවනය.කෙසේවුවත් තිස් වසරක යුද්ධය අපට සාමය ඉගැන්වූවත් සහජීවනය යනු කුමක් දැයි අපට නිවැරදිව උගන්වා නැති සෙයකි මට නම් හැඟී යන්නේ.බොහෝ විට ගුවන්විදුලි රූපවාහිනී නාලිකාවල අපට උගන්වන සහජීවනය බිම් මට්ටමේ ක්‍රියාත්මක නොවීම ම හොඳය. ඒ මවන සහජීවනය (එකට ජීවත් වීම;බටහිර Living together නොවෙයි!!!)තම ත

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

Image
මුලින්ම මේ මාතෘකාවෙන් කියැවෙන්නේ කුමක් දැයි බලමු.ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොවේ යන්නෙන් ගම්‍ය වන දේවල් දෙකක් ඇත. එක්කෝ "ඔබ" නැත. නැතිනම් "අයිතිවාසිකම්" යන්නක් නැත.බුදුදහමට අනුව නම් මේ දෙකින් කොයික ගත්තත් වැරැද්දක් නැති අතර මේ කතා බහට අනුව නම් වඩාත් ගැළ පෙන්නේ "අයිතිවාසිකම් "යන්නක් නැති ලෙස ගැනීමය. දැන් දෙවනුව කියැවෙන දේ ගනිමු.ඔබේ අයිතිවාසිකම මගේ වගකීමකි යන්නෙන් කියැවෙන්නේ ඔබ අයිතිය යැයි කියාගන්නා දෙය ඔබට ලැබීම උරුමකොට ගත්තක් නොව එය මවිසින් ඔබට දීම උරුමකොට ගත්තක් බවය.සරලව ගතහොත් එය ඉටු කිරීම මගේ වගකීම මිස එය ලැබීම ඔබේ අයිතිය නොවෙයි. එනම් මවගේ ආදරය ලැබීම ඔබ අයිතියක් නොවන අතර එහෙත් එය ඔබට ලබා දීම මවගේ වගකීමකි.අයිතිවාසිකම් හා යුතුකම් අතර වෙනස මතුවන්නේ මෙතැනදීය.අපි මවකගේ ප්‍රේමය පතා උසාවි නොයමු.වෙනස නම් එයයි.එසේ නම් මවගේ ආදරය අපට ලැබීම වරප්‍රසාදයකි."ආදරයේ උල්පත වූ අම්මා "යැයි කවියන් වනන්නේ එහෙයිනි.ආදරය අයිතිවාසිකමක් වූයේ නම් කවියකු එය වනනු ඇත්තේ "පෙම නැතිව වැළපෙන වුන් දැන් ඉතින් නැගිටියව්-මවු පෙම නැති සකලවිධ ප්‍රතිගාමීත්වයම නසා ප්‍රගති

With great power comes great responsibility!

Image
 These words are applicable to anyone, no matter who he is, what he does, whether he is educated or not, or whether is alive or dead! Even the dead have a great responsibility not to disturb the living! And the living should not disturb the dead either. A small child has the responsibility to learn and his teacher has the responsibility to educate him. A teenager has the responsibility to withstand his physical and mental changes, fully understanding them and his parents have the responsibility to assist him. So, the list goes on. When we climb up on the social ladder we can observe that these more influencing men and women bear larger responsibilities than small kids and if they are unable to comply, it will cause the down fall of a country. As far as a country is concerned the two most influencing personalities are politician and media person. The reason is that they play games with the minds of the people of the country, knowingly or not knowingly. Both can do either moving the coun